ප්‍රජාතන්ත්‍රවාදය සහ ආන්ඩුකරණය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජා අධ්‍යාපනික වැඩසටහන් සංවිධානය කිරීම වෙනුවෙන් කටයුතු කරන ඉන්ස්ටිටියුට් ඔෆ් ඩෙමොක්‍රසි ඇන්ඩ් ගවර්නන්ස් ආයතනය (IDAG) සහ මධ්‍යම පළාත් සභාව එක්ව දේශගුණික විපර්යාස පිළිබඳ ආණ්ඩුකරණය පළාත් පාලනය සඳහා හඳුන්වාදීමේ වැඩසටහනක් මහනුවර අමායා හිල්ස් හෝටලයේදී ජූනි 6 සහ 7 දෙදින පැවැත්විණ.
ජර්මනියේ කොන්රාඩ් ඇඩනවර් පදනම විසින් අනුග්‍රාහය දක්වන ලද මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනයන් හි තෝරාගත් සභිකවරුන් සඳහා පවත්වනු ලැබිණ.
මෙහිදී ප්‍රධාන දේශනය දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය එල්.එම් අබේවික්‍රම මැතිතුමා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාවට විශේෂ ආරාධිත ලෙස විවෘත පාර්ලිමේන්තු සංසදයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මැතිතුමා සහ මධ්‍යම පළාත් සභාව වෙනුවෙන් ගරු ආණ්ඩුකාරවර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය සහභාගී වූ අතර මධ්‍යම පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් නිශාන්ත කරුණාතිලක සහ පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය ද ගරු ආරාධිතයින් ලෙස සහභාගී විය.
මෙම වැඩමුළුව සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ සියළුම පළාත් පාලන ආයතන නියෝජනය කරමින් සභිකයින් 81 දෙනෙකු සහභාගීවූ අතර දේශගුණික විපර්යාස යනු පාරිසරික ප්‍රශ්නයක් ලෙස නොව ආණ්ඩුකරණය හා බැඳුණු විසඳුම් සෙවිය යුතු ගැටළුවක් බව මෙහිදී අවධාරණය වූ අතර එමනිසා ආණ්ඩුකරණයේ සෑම ස්ථරයකම කටයුතු වලදී දේශගුණික විපර්යාස පිළිබඳ සංවේදී ආණ්ඩුකරණය ප්‍රවර්ධනය කිරීම අතිශය වැදගත් බව ද අවධාරණය විය.
ඉදිරියේ දී මෙම නියමු ව්‍යාපෘතිය ආශ්‍රිතව මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන ආශ්‍රිතව දේශගුණික විපර්යාස පිළිබඳ ක්‍රියාකාරී කමිටු පිහිටුවීම පිළිබඳ ඇති හැකියාව සොයාබැලීම මධ්‍යම පලාත් සභාව සමඟ එක්ව සිදුකරනු ඇත.






Lanka Newsweek © 2026